අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදින් නුබෙ ලෝකය එලිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවා වී නුබ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මවරුන් පමණද මතු බුදු වන්නේ
No comments:
Post a Comment