Saturday, December 3, 2011

ආදරය

ජීවිතය සුන්දරයි, 
ජීවිතයට ආදරය එකතු වු විට තවත් ලස්‌සනයි,
ආදරෙන් එක්‌ වෙන්නේ හදවත් දෙකක්‌ තමයි,
ඒත් ඒ හදවත් දෙක එකක්‌ බවට පත් වෙද්දි හරිම සුන්දරයි.,
අපේ ජිවිතේට ආදරේ නොලබුනාට, ආදරයට කවදාවත් වෛර කරන්න එපා, 
හැමදාම ආදරේට ආදරේ කරන්න.,
එවිට ආදරයත් ඔබට හැමදාම ආදරේ කරාවි...............................

Friday, December 2, 2011

අම්මා සදකි.................

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදින් නුබෙ ලෝකය එලිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක්‌ ගැහැට විදී
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුබ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මවරුන් පමණද මතු බුදු වන්නේ