Tuesday, July 10, 2012

Geek.lk වෙබ් අඩවිය විසින් බ්ලොගර් කරුවන් වෙත නොමිලේ top level domain names ලබාදීම සදහා පොඩි තරගයක් සංවිධානය කළා. කිසිදු ගැටලුවකින් තොරව අපි තරගය නිමා කරලා ජයග්‍රාහකයින් වෙත ත්‍යාගද ලබා දුන්නා.. ඒ පිලිබද විතර සදහා පහත ලින්ක් එක බලන්න.
http://geek.lk/discussion/1339/geek-lk-domain-names-ලබාදීමෙ-තරගයේ-ජයග්‍රාහකයෝ-#Item_1

අපි මෙවැනිම domain names ලබා දීමෙ තරගයේ දෙවැනි අදියරක් ඉදිරියේදී කරමු කියල අදහසක් දැම්ම විතරයි තරගයට ඇතුලත් කරගන්න කියලා පණිවිඩ 50 ක් පමණ ආවා. ඒ නිසා අපි තීරණය කළා මෙම තරගය ඉදිරියටත් පවත්වාගෙන යන්න ඔනී කියලා.

ඉතින් තරගයේ දෙවැනි අදියරෙ සිට අපේ ගීක්ලාට ත්‍යාග ලබාදීම සදහා http://www.hostinglions.com/ ආයතනයත් Geek.lk සමග අත්වැල් බැදගත්තා. සෑම සිංහල බ්ලොගර් කරුවෙකුටම Top Level Domain එකක් ලබාදීම මූලික අරමුණ කරගෙන සෑම මසකටම වරක් ජයග්‍රාහකයින් 05 දෙනෙකුට Domains ලබාදීමට අපි දැන් සූදානම්..

තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

domain names වල වැදගත් කම
ඔයා දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග් ලිපිනයක් . 
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.info වගේ ලස්සන කෙටි top level domain name එකක් කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.
ඒ වගේම ඔයා කැමති විදියේ වෙබ් අඩවියක් වුණත් ඔයාටම හොස්ට් කරගන්න Unlimited Bandwidth Hosting එකකුත් දිනාගන්න ඔයාට පුලුවන්..

ඉතිං ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම් කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත් බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..

නැත්නම් ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන් පුලුවන්.

තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් top level domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..

තරගය මොකක්ද
තරගයනම් ගොඩක් ලේසී. කරන්න තියෙන්නේ පහතින් තියෙන Geek.lk වෙබ් අඩවියේ banner එකක් ඔයාගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ෂණය කරන්න විතරයි. ඔයාගේ වෙබ් අඩවිය හරහා Geek.lk වෙබ් අඩවියට කොපමණ පිරිසක් පැමිණෙනවද කියලා තමයි බලන්නේ.

* සෑම මාසයකම ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගනු ලැඛෙ.
* පළමු ස්ථානය සදහා Unlimited bandwidth Hosting package එකක් සමග .info domain එකක් ලබාදේ
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා .info domain name එක බැගින් ලබාදේ..

තරගයට ඇතුලත් වන ආකාරය
1) තරගයට ඇතුලත් වීමටනම් ගීක් කෙනෙක් විය යුතුයි. ඔබ දැනට ගීක් කෙනෙක් වී නැත්නම්, දැන්මම ගීක් කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න.

2) ඔඛෙ නම, දුරකතන අංකය, බැනරය පළකරන වෙබ් හෝ බ්ලොග් අඩවියේ නම
යන තොරතුරු පහත ලින්ක් එකට පණිවිඩයක් ආකායෙන් එවිය යුතුයි
http://geek.lk/messages/add/Geek

3) සියලූම තරග කරුවන පහත බැනර් එක තම වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශණය කළ යුතුමයි. ඒ සදහා පහත ලින්ක් එකෙහි ඇති කෝඩ් එක ඔඛෙ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇතුලත් කරන්න
කෝඩ් එක ලබාගන්න මෙතන ක්ලික් කරන්න http://geek.lk/img/geekz.txt

4) මීට අමතරව ඔබ කැමති ආකාරයෙන් බැනර් ආදිය ඔඛෙ බ්ලොග් අඩවියේ පළ කිරීමට ඔබට හැකියාව ඇත. 

5) මෙ පිලිබදව බ්ලොග් පොස්ට් එකක් දැමීටද හැකියාව ඇත.

වෙනත් උපදෙස්
1) තරගකරුවන් බැනර් පළකල යුත්තේ තමන් ලියාපදිංචි කළ බ්ලොග් හෝ වෙබ් අඩවියේ පමණයි.
2) වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි වල බැනර් පළ කිරීමටනම් එයද ලියාපදිංචි කළ යුතුයි
3) ඔඛෙ බැනරය හරහා එක් පරිගණකයකින්කොපමණ වාරයක් ක්ලික් කළත් එය ගනණ් ගැනෙන්නේ එක් වරක් ලෙසයි.
4) ඒ නිසා තමන්ම බැනරය ක්ලික් කර පැමිණීම් වැඩි කිරීමට උත්සහ ගැනීමෙන් ප්‍රයෝජනයක් නෑ
5) සියලූම පැමිණීම් ගණනය කෙරෙන අතර ඊට අනුව ජයග්‍රාහකයා තෝරනු ලබයි.
6) අගෝස්තු 10 වන දින රාත්‍රී 12.00 න් තරගන අවසන් වන අතර, 11 හෝ 12 වැනි දින ජයග්‍රාහකයින් සදහා ත්‍යාග ලබා දේ

ඔබට යම් ගැටලුවක් ඇතිවූයේනම් http://geek.lk/messages/add/Chanux ට පෞද්ගලික පණිවිඩයක් හෝ chanux@mail.com ලිපියනට email එකක් එවන්න.

No comments:

Post a Comment